මැඩගස්කර් (Madagascar)
1990 ගණන් වල අගභාගය වන තුරු ලෝකයේ ප්රධාන සැපයුම්කරු ලංකාව විය. නමුත් මැඩගස්කර් දූපතේ ඉලකකා (Ilakaka) නිධිය සොයාගැනීමත් සමඟ සියල්ල වෙනස් විය.
ලංකාව සහ මැඩගස්කර් යනු "ගොන්ඩ්වානා" මහාද්වීපයේ එකට ඇලී තිබුණු කැබලි දෙකකි. ඒ නිසා මේ රටවල් දෙකේ පස්, ගල් සහ මැණික් 95%ක්ම එක සමානයි.
⚠️ ගැටළුව: බොහෝ විට ලංකාවේ ගලක් සහ මැඩගස්කර් ගලක් වෙන්කර හඳුනාගැනීම ලෝක මට්ටමේ ලැබ් (GIA/GRS) වලට පවා අභියෝගයකි.
2016 දී පමණ අම්බටොන්ඩ්රසකා (Ambatondrazaka) ප්රදේශයෙන් හමු වූ නිල් මැණික් විශේෂයකි.
- ලක්ෂණ: මේවායේ අද්භූත "කිරි ගතියක්" (Milky / Velvety) ඇත. මෙය ඉතා අලංකාර වන අතර කාෂ්මීර (Kashmir) මැණික් වලට සමාන පෙනුමක් ලබා දේ.
මෙම සමහර ගල් හිරු එළියට (UV) නිරාවරණය වන විට, මාස ගණනක් යද්දී එහි ඇති "කහ/දුඹුරු" වර්ණ කාරක අක්රිය වී, ගලේ පාට තරමක් වෙනස් වීමට (Fade) ඉඩ ඇත. මේ නිසා මෙම වර්ගයේ ගල් මිලදී ගැනීමේදී ප්රවේශම් විය යුතුය.
අද ලෝකයේ ලස්සනම Hot Pink (තද රෝස) මැණික් ලැබෙන්නේ මැඩගස්කර් වලිනි. මේවා ලංකාවේ රෝස ගල් වලට වඩා වර්ණයෙන් ප්රබලය.
වෙළඳපොලේ ඇති බොහෝ "සිලෝන් බ්ලූ" මැණික්, ඇත්ත වශයෙන්ම මැඩගස්කර් රළු ගල් (Rough) ලෙස ගෙන්වා, ලංකාවේදී කපා පොලිෂ් කළ ඒවා විය හැක.
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි ...................
