9
ශ්රී ලංකාවේ නිල් මැණික් (Ceylon Blue Sapphire)
ලෝකයේ "නිල් මැණික් ප්රමිතිය" (The Benchmark) - තුන්වන ලිපිය
"ලෝකයේ ඕනෑම තැනක නිල් මැණිකක් හමු වුවහොත්, එය සසඳන්නේ ලංකාවේ ගලක් සමඟයි. 'Ceylon Blue' යනු බ්රෑන්ඩ් එකකි."
🇱🇰 1. වර්ණයේ විශිෂ්ටත්වය (Color Clarity)
ලංකාවේ ගල් වල විශේෂත්වය වන්නේ වර්ණයේ ඇති පැහැදිලි බවයි.
🌸 Cornflower Blue
කටරොඩු මලේ පෙති වල වර්ණය. මෙය ඉතා මෘදු (Soft), වෙල්වට් වැනි නිල් පාටකි.
⭐ ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ මීටයි.
🦚 Peacock Blue
මොණර පිලේ ඇති විදුලි නිල් පාට (Electric Blue).
✨ මෙය ඉතා දීප්තිමත්ය.🔬 2. අන්වීක්ෂීය හඳුනාගැනීම
ඔබ 10x කාචයෙන් හෝ අන්වීක්ෂයෙන් බලන විට ලංකාවේ ගල් වල දැකිය හැකි දේ:
-
දිගු රූටයිල් කූරු (Long Rutile Silk):
ඉතා දිගු, සිහින් ඉරි (Silk) එකිනෙක කපාගෙන යන ආකාරය. (බුරුම ගල් වල මේවා කෙටියි). -
සකෝන් ස්ඵටික (Zircon Halos):
ගල ඇතුළේ කුඩා සරකෝන් කැට සහ ඒ වටා ඇති කුඩා පැලීම් (Halo fractures) ලංකාවේ ගල් වල බහුලව දකිය හැක.
🔥 3. ගෙවුඩ තාක්ෂණය (The Geuda Miracle)
ශ්රී ලංකාවට පමණක් ආවේණික වූ සම්පතකි. පෙනුමෙන් ඩීසල් පාට හෝ කිරි පාට "ගෙවුඩ" ගල්, ඉහළ උෂ්ණත්වයකට (1600°C - 1800°C) රත් කිරීමෙන් අතිසුන්දර නිල් මැණික් බවට පත් කළ හැක.
මෙය ලංකාවේ මැණික් කර්මාන්තයේ කොඳු නාරටියයි. ලෝකයේ නිල් මැණික් සැපයුමෙන් විශාල කොටසක් පැමිණෙන්නේ මේ "හීට් කරපු ගෙවුඩ" (Heated Geuda) වලිනි.
📍 ප්රධාන පතල් ප්රදේශ:
රත්නපුර
ඇලහැර
බලංගොඩ
කතරගම
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි ...................
