www.manikgal.lk

ග්‍රීන් සෆයර් (Green Sapphire) – දුර්ලභත්වය සහ වර්ණ වෙනස්කම්

by Asanga Gunathilaka
0 comments 2 mins read

ග්‍රීන් සැෆයර් (Green Sapphire)

දුර්ලභත්වය සහ වර්ණ වෙනස්කම් (අවසාන ලිපිය)
"කොළ මැණික් යනු බොහෝ දෙනා නොදන්නා, නමුත් ඉතා සුන්දර ගල් වර්ගයකි. රට අනුව කොළ පාට වෙනස් වන අයුරු බලමු."
🌿 1. ශ්‍රී ලංකාව (The Light Mint)

ලංකාවේ හොඳ කොළ මැණික් ඉතාම හිඟයි. හමුවන බොහොමයක් ගල් ඉතා ලා පාටයි (Mint Green / Pastel Green).

💎 විශේෂත්වය: මේවායේ දීප්තිය වැඩියි. නමුත් තද "බෝතල් කොළ" (Bottle Green) පාටක් ලංකාවේ ගල් වල දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එසේ ලැබුණොත් එය ඉතා වටිනා ගලකි.

🌲 2. තායිලන්තය සහ ඕස්ට්‍රේලියාව
(The Forest Green)

වෙළඳපොලේ බහුලව ඇති තද කොළ මැණික් එන්නේ මෙහෙන්.

  • Olive Green: කහ පාටට හුරු කොළ පාට.
  • Forest Green: ඉතා තද, නිල් පාටට හුරු කොළ පාට.

(මේවායේ මිල සාමාන්‍ය මට්ටමක පවතී).

🇺🇸 3. ඇමරිකාවේ මොන්ටානා (Montana Sapphire)

ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් ලැබෙන කොළ මැණික් වල අමුතු "ලෝහමය" (Metallic) ගතියක් ඇත.

මේවා "Steely Blue-Green" ලෙස හැඳින්වේ. ඇමරිකානුවන් මේවාට ඉතා කැමතියි.

💰 වටිනාකම තීරණය වන්නේ කෙසේද?

පිරිසිදු කොළ මැණිකක් (Pure Green) සොයාගැනීම ඉතා අපහසුයි. බොහෝ විට කහ පාට හෝ නිල් පාට මිශ්‍ර වී ඇත.

කහ හෝ නිල් පාට අඩු, "පිරිසිදු කොළ" පාටට ඉහළම මිලක් ලැබේ.

📚 ලිපි මාලාව සමාප්තයි!

අපි මෙම ලිපි මාලාවෙන් ගොන්ඩ්වානා භූමියේ සිට ලංකාව, මැඩගස්කර්, බුරුමය, මොසැම්බික් සහ ඕස්ට්‍රේලියාව දක්වා මැණික් සංචාරයක් කළෙමු. මීලග ලිපි මාලාව ගැන පුන්චි ඉගියක් දෙන්නම් ඔබ මැණික් විද්‍යාගාරයක් ගෙදරදීම හදාගන්න කැමතිද? එහෙනම් ඒ ගැන ඊලග ලිපි මාලාවෙන් කතා කරමු.

රැඳී සිටින්න අපි සමග !!!

Leave a Comment

You may also like