38
මැණික් විද්‍යාඥයාගේ රහස් ආයුධය
"Darkfield Illumination" (තුන්වන ලිපිය)
ඔබ හරි අන්වීක්ෂය ගත්තා. දැන් ඒකේ ලයිට් දාන විදිහ ඉගෙන ගමු. මැණික් අන්වීක්ෂයක විශේෂම කොටස තමයි එහි ඇති "Darkfield Well" (අඳුරු ක්ෂේත්රය).
💡 Darkfield කියන්නේ මොකක්ද?
සාමාන්‍යයෙන් අපි බලන්නේ ආලෝකය කෙලින්ම වස්තුව හරහා එන විදිහට (Brightfield). නමුත් Darkfield වලදී...
- ගලට කෙලින්ම යටින් ආලෝකය එන්නේ නෑ.
- ආලෝකය එන්නේ "පැත්තෙන්" (Sideways).
- ගල වටේ කළුවරයි.
✨🌌
🌟 ප්‍රතිඵලය: හරියට රෑ අහසේ තරු පෙනෙනවා වගේ!
ගල ඇතුළේ තියෙන පුංචිම දූවිලි අංශුවක්, බුබුලක් හෝ ඉරිතැලීමක් මේ හරස් ආලෝකය (Cross Light) නිසා දීප්තිමත්ව බබළන්න ගන්නවා.
"පිරිසිදුයි කියලා හිතපු ගලක ඇත්ත තත්ත්වය එළියට එන්නේ මේ Darkfield එක දැම්මමයි."
🛠️ භාවිතා කරන හැටි:
1
ගල Holder එකේ රඳවන්න.
2
යටින් එන එළිය (Well Light) දාන්න.
3
Baffle (කළු ආවරණය) එක දාලා කෙලින් එන එළිය කපන්න. දැන් ඔබට පෙනෙන්නේ පැත්තෙන් වැදෙන එළියෙන් දිලිසෙන දෝෂ විතරයි!
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි ...................
