9
රවුම් බුබුළු (Gas Bubbles)
වීදුරු සහ පේස්ට් (Paste) ගල් වල රහස (එකොලොස්වෙනි ලිපිය)
කවුරුහරි ඔබට "වටිනා රූබි එකක්" කියලා වීදුරු කෑල්ලක් දෙනවා. ඔබ කොහොමද අන්වීක්ෂයෙන් මේක අල්ලන්නේ?
සරලම උත්තරය: බුබුළු (Bubbles).
💎 ස්වභාවික මැණික්
ස්වභාවික මැණික් හැදෙන්නේ ස්ඵටික (Crystals) විදිහට. ඒවා කොටු, ත්‍රිකෝණ හෝ පැතලි හැඩ ගන්නවා.
ස්වභාවික ගලක් ඇතුළේ "තනි රවුම් බුබුළක්" තියෙන්න බෑ.
(ඉතා කලාතුරකින් ද්‍රව බුබුළු හැර).
🎈 වීදුරු සහ කෘතීම
වීදුරු හදන්නේ උණු කරලා. එතකොට වාතය හිරවෙනවා.
අන්වීක්ෂයෙන් බලද්දී ඔබට හරියටම රවුම් (Perfectly Spherical) බුබුළු පෙනෙනවා නම්, ඒක 99%ක්ම වීදුරු හෝ පේස්ට් ගලක්.
🐸
ටැඩ්පෝල් බුබුළු (Tadpole Bubbles)
සමහර කෘතීම ගල් වල බුබුළ පිටුපසින් පොඩි වලිගයක් (Tail) වගේ ඇදිලා ගිහින් තියෙනවා (ගෙම්බෙක්ගේ ටැඩ්පෝල් පැටියෙක් වගේ). මෙය කෘතීම ගල් වල ප්‍රබල සාක්ෂියක්.
💼 ව්‍යාපාරික උපදෙස:
"රූබි" ගලක් ඇතුළේ තනි ලොකු බුබුළක් දැක්කොත්, දෙපාරක් හිතන්න එපා. ඒක වීදුරු!
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි ...................
