www.manikgal.lk

ස්වභාවික “ඇඟිලි සලකුණු” ද? කෘතීම “Flux” ද? – අමාරුම තැන ලිහා ගමු

by Asanga Gunathilaka
0 comments 2 mins read

ස්වභාවික "ඇඟිලි සලකුණු" ද? කෘතීම "Flux" ද?

අමාරුම තැන ලිහා ගමු (දසවන ලිපිය)

"Verneuil" ගල් අල්ලන්න ලේසියි. නමුත් අලුතෙන් එන "Flux Grown" කෘතීම ගල් (උදා: Ramaura, Chatham) ස්වභාවික ගල් වලට හරිම සමානයි. ස්වභාවික ගල් වල තියෙන "Fingerprints" මේ කෘතීම ගල් වලත් තියෙනවා!

එහෙනම් වෙන් කරන්නේ කොහොමද?

🌿 1. ස්වභාවික (Natural)
  • හැදිලා තියෙන්නේ ද්‍රව (Liquid) සහ වායු (Gas) බුබුළු වලින්.
  • මේවා පෙනුමෙන් ඉතා "මෘදුයි" (Delicate).
  • හරියට වතුර බිංදු එකතු වෙලා හැදුනු ලේස් රෙද්දක් වගේ (Lace-like pattern).
  • ආලෝකය වැදුනම විනිවිද පෙනෙනවා.
🧪 2. කෘතීම (Flux Grown)
  • හැදිලා තියෙන්නේ දිය නොවූ රසායනික කුඩු (Flux Powder) වලින්.
  • මේවා පෙනුමෙන් "රළුයි" (Coarse).
  • හරියට සුදු පාට පවුඩර් ටිකක් ඉහලා වගේ (High Relief / White appearance).
  • සමහර විට "ඇඹරුණු දැල්" (Twisted Veils) වගේ හැඩ ගන්නවා.
🔬🌟 🕵️ විශේෂ සලකුණ (The Smoking Gun):

ඔබ දකින Fingerprint එක ඇතුලේ තද කළු පාට හෝ රත්තරන් පාට ලෝහ කෑලි (Platinum/Gold platelets) තියෙනවා නම්...

ඒක අනිවාර්යයෙන්ම කෘතීමයි!

(මේවා ලැබ් එකේ භාජන වලින් ගැලවුණු කෑලි).

👉 ඊළඟ ලිපියෙන්:

කෘතීම නිල් මැණික් අල්ලන තවත් ක්‍රම

අපි තවදුරටත් කතා කරමු.

Leave a Comment

You may also like