www.manikgal.lk

එක ඉර දෙක වෙලා පෙනෙන “ඩබල් රිෆ්‍රැක්ශන්” (DR) – අන්වීක්ෂයෙන් ගල් වෙන් කරමු

by Asanga Gunathilaka
0 comments 3 mins read

එක ඉර දෙක වෙලා පෙනෙන "ඩබල් රිෆ්‍රැක්ශන්" (DR)

අන්වීක්ෂයෙන් ගල් වෙන් කරමු (දොළොස්වන ළිපිය)

අන්වීක්ෂය තියෙන්නේ දෝෂ බලන්න විතරක් නෙවෙයි. ගලේ භෞතික ගුණාංග බලන්නත් පුළුවන්. මේක තමයි "Doubling" (ද්විත්වකරණය) පරීක්ෂාව.

👀 Doubling / Doubling

සමහර මැණික් (උදා: සර්කෝන්, පෙරිඩොට්) තුළින් ආලෝකය යද්දී එය කිරණ දෙකකට බෙදෙනවා (Double Refraction). අන්වීක්ෂයෙන් ගල ඇතුළ බලද්දී, ගලේ පතුලේ තියෙන ඉරි දෙක වෙලා පෙනෙනවා.

⚖️ ප්‍රායෝගික භාවිතය:

💎 දියමන්ති (Diamond) SR (Single Refractive)

ඉරි තනි ඉරක් ලෙස පෙනේ. පැහැදිලියි.

✨ මොයිසනයිට් (Moissanite) DR (Double Refractive)

ඉරි දෙක වෙලා පෙනේ (Doubling).
වෙන්කර හඳුනාගැනීමට හොඳම ක්‍රමයයි.

❤️ ස්පිනල් (Spinel) SR

ඉරි තනිව පෙනේ.

🩸 රූබි (Ruby) DR

ඉරි දෙක වෙලා පෙනේ.
(නමුත් මෙය දකින්න තරමක් අමාරුයි).

🛠️ කරන හැටි:
  • Step 1: ඉහළම Zoom එකට දාන්න.
  • Step 2: ගලේ අඩිය (Culet) හරහා පෙනෙන ඉරි (Facet Junctions) දිහා බලන්න.
  • Step 3: ඒවා "බොඳ වෙලා", දෙක වෙලා පෙනෙනවාද බලන්න.
💡 Pro Tip:

මේක හොදින්ම දකින්න පුලුවන් සර්කන් (Zircon) වල. පුහුණු වීමට සර්කෝන් ගලක් භාවිතා කරන්න.

👉 ඊළඟ ලිපියෙන්:

ගල "උයලාද" (Cooked)? 🔥

Heat Treatment අන්වීක්ෂයෙන් අල්ලන හැටි බලමු.

Leave a Comment

You may also like