17
Refractometer වීදුරුව සීරෙන්නේ නැතුව ගලක් තියන්නේ කොහොමද?
(The Sliding Technique - හතරවන ළිපිය)
Refractometer එකේ තියෙන ලොකුම අභියෝගය තමයි Hemicylinder වීදුරුව සීරීම (Scratching).
💎 මැණික් (Hardness 9) > 🥃 වීදුරුව (Hardness 5)
ගල වීදුරුවට වඩා ගොඩක් හයියයි. නිකන් තිබ්බත් වීදුරුව හීරෙනවා.
✅ නිවැරදි ක්‍රමය (The Method):
1
පිරිසිදු කිරීම:
මුලින්ම ගල හොඳට පිහදාන්න. දූවිලි කැටයක් තිබුණත් වීදුරුව හීරෙන්න පුළුවන්.
2
දියර බිංදුව:
වීදුරුව මැදට RI දියර බිංදුවක් දාන්න.
3
තැබීම නොව ලිස්සීම
❌ කවදාවත් ගල කෙලින්ම උඩින් අතහරින්න එපා!
Metal Stage
➡ ගල ලිස්සන්න ➡
Glass (Liquid)
- වීදුරුවේ අයිනේ තියෙන ලෝහ කොටස (Metal Stage) උඩ ගල තියන්න.
- දැන් ඇඟිල්ලෙන් හිමින් ගල දියර බිංදුව තියෙන මැද හරියට "ලිස්සලා දාන්න" (Slide it onto the liquid).
4
පරීක්ෂාව සහ ඉවත් කිරීම:
පියන වහන්න. ඇස තබා බලන්න. ඉවත් කරන විටත් ආපහු ලෝහ කොටස පැත්තට ලිස්සලා අරගෙන, උඩට ගන්න.
💡 මතක තබා ගන්න:
ඔබේ පරීක්ෂණය වැරදුනත් කමක් නෑ, ඒත් මැෂින් එකේ වීදුරුව හූරගන්න එපා!
සැකසුම : අසංග ගුණතිලක
ෆේස්බුක් ඔස්සේ තවත් තොරතුරු සොයන්න 👇
