ලෝකයේ දුර්ලභම මැණික් (05 ළිපිය)
ඔබ පැරායිබා ටුවර්මලින් (Paraiba) වල නියොන් නිල් පාටට කැමතිද? එහෙනම් මේ ගලට ඔබ වශී වේවි.
1902 වසරේදී මැඩගස්කර් දූපතේ ගවේෂණයක නිරත වූ ඇල්ෆ්රඩ් ග්රැන්ඩිඩියර් (Alfred Grandidier) නම් ප්රංශ ජාතික ගවේෂකයාට ගරු කිරීමක් ලෙස මේ නම (Grandidierite) තබා ඇත.
🎨 වර්ණය (The Teal Magic)
මෙහි වර්ණය ඉතාම සුවිශේෂියි. එය තද නිල්-කොළ (Blue-Green / Cyan) වර්ණයකි.
🔄 Pleochroism: ගල කරකවන විට ඔබට පාට 3ක් පෙනේ:
වෙළඳපොලේ මේ නමින් ගල් තිබුනාට, ඒ බොහොමයක් "වලාකුළු වගේ" (Translucent/Opaque) පිරිසිදු නැති ගල්.
නමුත් වීදුරුවක් වගේ පිරිසිදු, විනිවිද පෙනෙන (Transparent) ග්රැන්ඩිඩියරයිට් ගලක් සොයාගැනීම අතිශය දුර්ලභයි.
හොඳ පිරිසිදු ගලක් කැරට් 1ක් රු. ලක්ෂ 60 ඉක්මවිය හැක.
මෑතකදී මැඩගස්කර් වල අලුත් ඉල්ලමක් හමුවූ නිසා තරමක් පිරිසිදුකම අඩු (Commercial Quality) ගල් වෙළඳපොලට ඇවිත් තිබේ. නමුත් "Gem Quality" ගල් තාමත් දුර්ලභ ලැයිස්තුවේ වැජඹේ!
සැකසුම : අසංග ගුණතිලක
