ලක්ෂ ගණනක් පාඩු නොවී බේරගන්න!
ඔබ දකින ඉතාම දීප්තිමත්, පිරිසිදු රතු කැටය (Ruby) ඇත්තටම ස්වභාවිකද? නැත්නම් එය අඩු වටිනාකමක් ඇති ගලකට වීදුරු පුරවා (Lead Glass Filled) සකසන ලද්දක්ද?
වර්තමාන වෙළඳපොලේ බහුලවම ඇති "Lead Glass Filled Ruby" ස්වභාවික රූබි ලෙස වරදවා වටහා ගැනීම නිසා බොහෝ දෙනෙක් අමාරුවේ වැටේ. පියවි ඇසට ඉතා අලංකාරව පෙනුනත්, 10x කාචය භාවිතා කර නිවැරදි කෝණයට බැලුවොත් මේ රැවටීම පහසුවෙන්ම හඳුනාගත හැක.
මෙන්න ඔබ බැලිය යුතු සලකුණු 03:
නිල් සහ තැඹිලි "ෆ්ලෑෂ්" එක (The Flash Effect)
මෙය තමයි Glass Filling හඳුනාගන්නා ප්‍රධානම සාධකය.
කරන ආකාරය: ගල ආලෝකයට අල්ලා සෙමින් එහා මෙහා කරන්න (Tilt/Rock the stone).
දකින දේ: ගල ඇතුළේ ඇති පැලුම් (Fractures) දිගේ විදුලි කෙටුවාක් මෙන් නිල් (Blue) හෝ තැඹිලි (Orange/Pink) වර්ණ දිලිසීමක් පෙනේ නම්, එය අනිවාර්යයෙන්ම වීදුරු පිරවූ ගලකි. ස්වභාවික ගලක පැලුම් මෙලෙස පාට දෙකකින් දිලිසෙන්නේ නැත.
පැලුම් තුළ සිරවූ බුබුළු (Trapped Gas Bubbles)
ස්වභාවික මැණික් තුළ ඇත්තේ ජ්‍යාමිතික හැඩැති ස්ඵටික බව අපි කලින් ලිපියේ කතා කළා. නමුත් වීදුරු පිරවූ ගලක, දියර වීදුරු (Molten glass) පැලුම් අස්සට රිංගන විට වාතය සිරවීම සිදුවේ.
10x කාචයෙන් බලන විට ගලෙහි පැලුම් තුළ පොකුරු ගැසුණු හෝ තනි තනිව ඇති රවුම් වායු බුබුළු පෙනේ නම්, එය පිරවුමක ලක්ෂණයකි.
මතුපිට වෙනස (Surface Luster Difference)
මැණික් (Corundum) කියන්නේ ඉතා තද දෙයක් වුවත්, වීදුරු ඊට වඩා මෘදුයි.
ගලෙහි මතුපිටට වීදුරු පිරවුම පැමිණි තැන්වල, ආලෝකය පරාවර්තනය වීමේ වෙනසක් පෙනේ.
වීදුරු පිරවුම ඇති තැන් මැණික් කොටසට වඩා මඳක් අඳුරු හෝ "ඉටි" ගතියක් (Waxy look) පෙන්වයි.
Lead Glass Filled ගල් මිලදී ගැනීම වරදක් නොවේ. නමුත් වරද වන්නේ එය "ස්වභාවික පිරිසිදු ගලක්" ලෙස සිතා අධික මුදලක් ගෙවීමයි.
වෙළඳපොලේ රු. 5,000ට ඇති ගලට රු. 50,000ක් ගෙවීමට පෙර ඔබේ Loupe එකෙන් මේ සලකුණු පරීක්ෂා කරන්න.
සැකසුම: අසංග ගුණතිලක
ඔබට මෙවැනි අත්දැකීම් තිබේද? පහළින් Comment කරන්න.
