නිල් මැණිකේ "හුණු පාට" (The Chalky Trail)
ලංකාවේ "ගෙවුඩ" ගල්, තාපය (Heat) ලබා දීලා වටිනා නිල් මැණික් බවට පත් කරන බව අපි කවුරුත් දන්නවා. මෙය ඉතා සාර්ථක ක්‍රමයක්. හොඳට හීට් කරපු ගලක්, ස්වභාවික ගලකින් වෙන් කරගන්න හරිම අමාරුයි.
නමුත් UV ටෝච් එකට මේ රහස එළි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි මේකට කියන්නේ "Chalky Fluorescence" (හුණු වැනි ප්‍රතිදීප්තිය) කියලා.
ඉතා ඉහළ උෂ්ණත්වයකදී (High Temp Heat) පිලිස්සූ සමහර නිල් මැණික්, විශේෂිත UV ආලෝකයක් යටතේ බලන විට...
එහි මතුපිට හරියට "සුදු කිරි පැහැ ගතියක්" හෝ "දිය කරපු හුණු" වගේ මීදුම් සහිත නිල්/සුදු පැහැයකින් දිලිසෙන්න ගන්නවා.
Milky / Chalky Blue Glow❌ ස්වභාවික (No Heat) නිල් මැණික්: මේ "හුණු ගතිය" පෙනෙන්නේ නැහැ. ඒවා බොහෝ විට අඳුරුයි (Inert).
මේ පරීක්ෂාව සඳහා සාමාන්‍ය දම් පාට ටෝච් එක (Long Wave - 365nm) එතරම් සාර්ථක නෑ.
මේ "හුණු ගතිය" හොඳටම පෙනෙන්නේ Short Wave (SWUV - 254nm) කියන විශේෂ UV එළියටයි.
(ඔබ ලොකු මුදලක් දීලා ගත්ත Gemology UV Torch එකක බොහෝ විට මේ ස්විචය (SW) තියෙනවා).
ඔබ කවදාහරි මේ "Chalky" ගතිය දැකලා තියෙනවද?
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි......
