www.manikgal.lk

ශ්‍රී ලංකාවේ නිල් මැණික් (Ceylon Blue Sapphire) – ලෝකයේ “නිල් මැණික් ප්‍රමිතිය” (The Benchmark)

by Asanga Gunathilaka
0 comments 3 mins read

ශ්‍රී ලංකාවේ නිල් මැණික් (Ceylon Blue Sapphire)

ලෝකයේ "නිල් මැණික් ප්‍රමිතිය" (The Benchmark) - තුන්වන ලිපිය
"ලෝකයේ ඕනෑම තැනක නිල් මැණිකක් හමු වුවහොත්, එය සසඳන්නේ ලංකාවේ ගලක් සමඟයි. 'Ceylon Blue' යනු බ්‍රෑන්ඩ් එකකි."

🇱🇰 1. වර්ණයේ විශිෂ්ටත්වය (Color Clarity)

ලංකාවේ ගල් වල විශේෂත්වය වන්නේ වර්ණයේ ඇති පැහැදිලි බවයි.

🌸 Cornflower Blue

කටරොඩු මලේ පෙති වල වර්ණය. මෙය ඉතා මෘදු (Soft), වෙල්වට් වැනි නිල් පාටකි.

⭐ ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ මීටයි.
🦚 Peacock Blue

මොණර පිලේ ඇති විදුලි නිල් පාට (Electric Blue).

✨ මෙය ඉතා දීප්තිමත්ය.

🔬 2. අන්වීක්ෂීය හඳුනාගැනීම

ඔබ 10x කාචයෙන් හෝ අන්වීක්ෂයෙන් බලන විට ලංකාවේ ගල් වල දැකිය හැකි දේ:

  • දිගු රූටයිල් කූරු (Long Rutile Silk):
    ඉතා දිගු, සිහින් ඉරි (Silk) එකිනෙක කපාගෙන යන ආකාරය. (බුරුම ගල් වල මේවා කෙටියි).
  • සකෝන් ස්ඵටික (Zircon Halos):
    ගල ඇතුළේ කුඩා සරකෝන් කැට සහ ඒ වටා ඇති කුඩා පැලීම් (Halo fractures) ලංකාවේ ගල් වල බහුලව දකිය හැක.
🔥 3. ගෙවුඩ තාක්ෂණය (The Geuda Miracle)

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ සම්පතකි. පෙනුමෙන් ඩීසල් පාට හෝ කිරි පාට "ගෙවුඩ" ගල්, ඉහළ උෂ්ණත්වයකට (1600°C - 1800°C) රත් කිරීමෙන් අතිසුන්දර නිල් මැණික් බවට පත් කළ හැක.

මෙය ලංකාවේ මැණික් කර්මාන්තයේ කොඳු නාරටියයි. ලෝකයේ නිල් මැණික් සැපයුමෙන් විශාල කොටසක් පැමිණෙන්නේ මේ "හීට් කරපු ගෙවුඩ" (Heated Geuda) වලිනි.

📍 ප්‍රධාන පතල් ප්‍රදේශ:
රත්නපුර ඇලහැර බලංගොඩ කතරගම

👉 ඊළඟ ලිපියෙන්:

අපි කතා කරමු මැඩගස්කර් (Madagascar) මැණික් කර්මාන්තය ගැන.

Leave a Comment

You may also like