12
ස්වභාවික "ඇඟිලි සලකුණු" ද? කෘතීම "Flux" ද?
අමාරුම තැන ලිහා ගමු (දසවන ලිපිය)
"Verneuil" ගල් අල්ලන්න ලේසියි. නමුත් අලුතෙන් එන "Flux Grown" කෘතීම ගල් (උදා: Ramaura, Chatham) ස්වභාවික ගල් වලට හරිම සමානයි. ස්වභාවික ගල් වල තියෙන "Fingerprints" මේ කෘතීම ගල් වලත් තියෙනවා!
එහෙනම් වෙන් කරන්නේ කොහොමද?
🌿 1. ස්වභාවික (Natural)
- හැදිලා තියෙන්නේ ද්‍රව (Liquid) සහ වායු (Gas) බුබුළු වලින්.
- මේවා පෙනුමෙන් ඉතා "මෘදුයි" (Delicate).
- හරියට වතුර බිංදු එකතු වෙලා හැදුනු ලේස් රෙද්දක් වගේ (Lace-like pattern).
- ආලෝකය වැදුනම විනිවිද පෙනෙනවා.
🧪 2. කෘතීම (Flux Grown)
- හැදිලා තියෙන්නේ දිය නොවූ රසායනික කුඩු (Flux Powder) වලින්.
- මේවා පෙනුමෙන් "රළුයි" (Coarse).
- හරියට සුදු පාට පවුඩර් ටිකක් ඉහලා වගේ (High Relief / White appearance).
- සමහර විට "ඇඹරුණු දැල්" (Twisted Veils) වගේ හැඩ ගන්නවා.
🔬🌟
🕵️ විශේෂ සලකුණ (The Smoking Gun):
ඔබ දකින Fingerprint එක ඇතුලේ තද කළු පාට හෝ රත්තරන් පාට ලෝහ කෑලි (Platinum/Gold platelets) තියෙනවා නම්...
ඒක අනිවාර්යයෙන්ම කෘතීමයි!
(මේවා ලැබ් එකේ භාජන වලින් ගැලවුණු කෑලි).
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි ...................
