10
කටපාඩම් කළ යුතු ප්‍රධාන මැණික් වල RI අගයන්
(හයවන ළිපිය)
Refractometer එකෙන් අංකයක් ලැබුනට වැඩක් නෑ, ඒ අංකය කුමණ මැණිකටද අයත්දැයි කියලා දන්නේ නැත්නම්. මේ අංක ටික හරියට ඔබේ ගෙදර අයගේ ෆෝන් නම්බර් වගේ කටපාඩම් තියෙන්න ඕනේ.
📝 අත්‍යවශ්‍ය RI Chart එක:
නිල් මැණික් / රූබි (Corundum)
1.76 - 1.77
ස්පිනල් (Spinel)
1.718
ක්‍රිසොබෙරිල් (Cat's Eye)
1.74 - 1.75
ටුවර්මලින් (Tourmaline)
1.62 - 1.64
ටොපෑස් (Topaz)
1.61 - 1.62
ක්වාට්ස් (Quartz)
1.54 - 1.55
වීදුරු (Glass)
~ 1.50
⚠️ විශේෂ සටහන (OTL - Over The Limit)
ඔබට ලැබෙන අංකය 1.81 (දියරයේ අගය) ළඟටම ඇවිත් නතර වුනාද? ඒ කියන්නේ ඔබේ ගලේ අගය යන්ත්‍රයට දරන්න පුළුවන් සීමාවට වඩා වැඩියි.
එය දියමන්ති (2.41), සර්කෝන් (High Zircon - 1.92) හෝ CZ (2.15) විය හැක.
සැකසුම : අසංග ගුණතිලක
ෆේස්බුක් ඔස්සේ තවත් තොරතුරු සොයන්න 👇
