ලෝකයේ දුර්ලභම මැණික් (03 ළිපිය)
බොහෝ දෙනෙක් තාෆයිට් (Taaffeite) ගැන අහලා තියෙනවා. මේ ඉන්නේ එයාගේ අයියා. 1967 දී දකුණු ඕස්ට්රේලියාවේ Musgrave Ranges ආශ්රිතව මෙය මුලින්ම සොයාගත් නිසා, මේ නම (Musgravite) ලැබුණා.
මුලින්ම ඕස්ට්රේලියාවෙන් හමුවුනාට, ලෝකයේ ආභරණ සඳහා කපන්න පුළුවන් (Gem Quality) මට්ටමේ මස්ග්රැවයිට් වැඩිපුරම හමුවෙලා තියෙන්නේ:
- 🇱🇰 ශ්රී ලංකාවෙන් (ඇහැලියගොඩ, රත්නපුර)
- 🇹🇿 ටැන්සානියාවෙන්
2005 වසර වනතුරු මුළු ලෝකයටම තිබුණේ හඳුනාගත් මස්ග්රැවයිට් ගල් 8ක් පමණයි! අදටත් මෙය දියමන්ති වලට වඩා දස දහස් ගුණයක් දුර්ලභයි.
🔬 ලොකුම ගැටළුව: පවුලේ පටලැවිල්ල
මස්ග්රැවයිට් සහ තාෆයිට් කියන්නේ එකම පවුලේ සාමාජිකයෝ. මේ දෙක පෙනුමෙන්, බරෙන් (SG), සහ රසායනිකව 99%ක්ම සමානයි.
සාමාන්ය ලැබ් එකකින් වෙන් කරන්න බැහැ.
සාමාන්ය ලැබ් එකකින් වෙන් කරන්න බැහැ.
මේක හරියටම තහවුරු කරන්න Raman Spectroscopy හෝ X-ray Diffraction වගේ උසස්ම තාක්ෂණය ඕනේ.
ඔබ ළඟ "තාෆයිට්" කියලා තියෙන අළු-කොළ (Greyish Green) පාට ගලක් තියෙනවාද? කවුද දන්නේ, සමහර විට ඒක ඊටත් වඩා වටිනා මස්ග්රැවයිට් ගලක් වෙන්න පුළුවන්!
කැරට් 1ක් රු. කෝටියක් පමණ සිට ඉහළට අලෙවි වේ.
සැකසුම : අසංග ගුණතිලක
