මැණික "ගම් ගාලා" අලවලාද?
ඔබ දන්නවාද? ලස්සනට පෙනෙන සමහර රූබි සහ එමරල්ඩ් ගල්, ඇත්තටම ඇතුළෙන් කුඩු වෙන්න ගිය ගල් වෙන්න පුළුවන්.
ව්‍යාපාරිකයින් මේවායේ ඉරිතැලීම් පිරවීමට විවිධ දේවල් භාවිතා කරනවා. මේවා පියවි ඇසට පේන්නේ නෑ. ඒත් UV ටෝච් එකට මේවා හංගන්න බෑ.
ඊයම් මිශ්‍ර වීදුරු පුරවයි
(Lead Glass Filling).
විශේෂ තෙල් වර්ග හෝ රෙසින් පුරවයි
(Oiling/Resin).
ස්වභාවික රූබි ගල UV එළියට රතු පාටින් දිලිසෙන බව අපි දන්නවා.
නමුත්, ඉරිතැලීම් අස්සේ පුරවා ඇති "වීදුරු" (Lead Glass) UV වලට දිලිසෙන්නේ නෑ (හෝ නිල් පාටට හුරු අඳුරු පාටක් ගනී).
දිලිසෙන රතු පාට ගල හරහා
"අඳුරු පාට නහර" (Dark Veins) හෝ
"මකුළු දැලක්" (Spider Web)
වගේ ඉරිතැලීම් පාරවල් කැපී පෙනෙන්න ගන්නවා.
⚠️ ගල සම්පූර්ණ රතු නොවී, මේ වගේ අඳුරු ඉරි ජාලයක් පෙනෙනවා නම්, ඒක අනිවාර්යයෙන්ම "ගොඩක් දෝෂ වහපු" (Heavily Treated) ගලක්.
දෝෂ වහපු ගලක්, "පිරිසිදු ගලක්" කියලා වැඩි ගාණට ගන්න එක මේ පොඩි ටෝච් එකෙන් නවත්තගන්න පුළුවන්.
ඔබ ළඟ තියෙන රූබි වල මේ "මකුළු දැල" තියෙනවද කියලා චෙක් කරගන්න.
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි......
