www.manikgal.lk

තනි ඉරේ රහස – Single Refraction (SR) ගල් වෙන් කරමු.

by Asanga Gunathilaka
0 comments 3 mins read

තනි ඉරේ රහස

Single Refraction (SR) ගල් වෙන් කරමු (අටවන ළිපිය)

සමහර ගල් වලට ආලෝකය දෙකට බෙදන්න බැහැ. ඒවා කොහොම බැලුවත් පෙන්වන්නේ තනි ඉරක් විතරයි.

☝️ SR ගල් වර්ග 2යි:

🧊 1. Isometric System (ඝනක පද්ධතිය)

ඉතාම සමමිතික ස්ඵටික.

උදා: ස්පිනල්, ගානට්, දියමන්ති.

🫧 2. Amorphous (ස්ඵටික නොවන)

නිශ්චිත හැඩයක් නැති දේවල්.

උදා: වීදුරු, ප්ලාස්ටික්, ඕපල්.

⚙️ ප්‍රායෝගික පරීක්ෂාව:

  • ගල යන්ත්‍රය උඩ තියන්න.
  • පොලරොයිඩ් (Polaroid) ෆිල්ටරය කරකවන්න.

ඉර එහා මෙහා යන්නේ නැතුව, "ගල් ගැහුනා වගේ" එක තැනම තියෙනවා නම් 👉 එය SR ගලක්.

🚨 වංචාවන් හෙළි කිරීම

ඔබට "නිල් මැණික්" (Sapphire) කියලා ගලක් දෙනවා. RI අගය 1.76 එනවා කියමු.

(සමහර නිල් වීදුරු 1.70-1.76 එන්න පුළුවන්).

නමුත් ඔබ ෆිල්ටරය කරකවද්දී ඉර හෙලවෙන්නේ නැත්නම් (SR), පරිස්සම් වෙන්න! නියම නිල් මැණික් අනිවාර්යයෙන්ම DR (ඉරි දෙකක්) විය යුතුයි.

👉 ඊළඟ ලිපියෙන්:

ගල කරකවද්දී ඉරි යන්නේ උඩටද? පල්ලෙහාටද?

The Rotation Method

Leave a Comment

You may also like