www.manikgal.lk

ගල කරකවද්දී ඉරි යන්නේ උඩටද? පල්ලෙහාටද? (The Rotation Method)

by Asanga Gunathilaka
0 comments 3 mins read

ගල කරකවද්දී ඉරි යන්නේ උඩටද? පල්ලෙහාටද?

(The Rotation Method - නමවන ළිපිය)

අපි කලින් කතා කළා DR (Double Refraction) ගල් වල ඉරි දෙකක් තියෙනවා කියලා. නමුත් ඔබ දන්නවාද ගල කරකවනකොට මේ ඉරි වලට මොකද වෙන්නේ කියලා?

🔄 ගල කරකවන ආකාරය

👆

🔄 කරකැවීම (Rotation):

1️⃣
ගල Refractometer වීදුරුව උඩ තියන්න.
2️⃣
පියන වහන්න එපා (හෝ අතින් ආවරණය කරන්න).
3️⃣
ඇස Eyepiece එකේ තියාගෙනම, ඇඟිල්ලෙන් හිමින් ගල අංශක 30න් 30ට කරකවන්න (Rotate 360 degrees).

📈 ඔබ දකින දේ:

🛑 SR ගල් (උදා: ස්පිනල්)

ගල කොච්චර කැරකැවුවත් ඉර එක තැනමයි. හෙලවෙන්නේ නෑ.

↕️ DR ගල් (උදා: නිල් මැණික්)

ගල කරකවද්දී ඉරි දෙක එහාට මෙහාට (උඩට පහළට) දුවනවා පෙනේවි.

💡 වැදගත්කම:

ගලේ උපරිම RI අගය සහ අවම RI අගය හොයාගන්න නම්, ගල අංශක 180ක් වත් කරකවලා බලන්නම ඕනේ. නිකන් තියලා ගත්තොත් ලැබෙන්නේ වැරදි අගයක් වෙන්න පුළුවන්.

👉 ඊළඟ ලිපියෙන්:

විශේෂ ෆිල්ටරයක් භාවිතයෙන් කරන වැඩකෑලි...

Polaroid Filter එකෙන් මොකක්ද කරන්න පුලුවන්?

Leave a Comment

You may also like