24
දෝෂ පාට කරන "කණ්ණාඩි"
Polarizing සහ Diffuser ෆිල්ටර් භාවිතය (හත්වන ලිපිය)
අන්වීක්ෂයට නිකන්ම ලයිට් එක දාලා බලනවට වඩා, පොඩි ෆිල්ටර් කෑල්ලක් දැම්මම පෙනෙන දේ 100 ගුණයක් පැහැදිලි වෙනවා.
🕶️ 1. Polarizing Filters (ධ්රැවීකරණ පෙරහන්)
මෙය කැබලි දෙකක්. එකක් ගලට යටින්, අනික ගලට උඩින්.
- Cross Polars: මේ දෙක කරකවලා "අඳුරු" (Dark Position) කරාම, ගල ඇතුළේ තියෙන ස්ඵටික හෝ ආතතිය (Strain) දේදුන්න වගේ පාට පාටින් දිලිසෙන්න ගන්නවා.
- ස්වභාවික ගල් වල තියෙන "Twinning" (නිවුන් ස්ඵටික) බලන්න මේක නැතුවම බැහැ.
☁️ 2. Diffuser Filter (සුදු ෆිල්ටරය)
යටින් එන සැර ලයිට් එළිය මෘදු කරන්න සුදු පාට ප්ලාස්ටික් හෝ ටිෂූ කඩදාසියක් පාවිච්චි කරන්න.
✅ ප්රයෝජනය:
එවිට ගලේ වර්ණ කලාප (Color Zoning) ඉතාම පැහැදිලිව සහ මෘදු ලෙස පෙනෙනවා. සැර එළියට පේන්නේ නැති සියුම් දේවල් මේ මෘදු එළියට පේනවා.
💰 වියදම:
මේවා ලොකු ගණන් දීලා ගන්න ඕනේ නෑ. පරණ කැමරා ෆිල්ටර් හෝ ප්ලාස්ටික් කැබලි වලින් ගෙදරදීම හදාගන්න පුළුවන්.
සැකසුම: අසංග ගුණතිලක
මතු සම්බන්ධයි ...................
